• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ශිෂ්‍යත්වය සමතුන්ට ශිෂ්‍යාධාර මුදල් Online ක්‍රමයට

16 August 2019
in සංවර්ධන

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට සෑම වසරකදීම සිසුන් 350,000කට ආසන්න පිරිසක් පෙනී සිටින අතර ඔවුන් අතරින් ශිෂ්‍යත්වය සමත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් 15,000 කට පමණ ශිෂ්‍යාධාර ලබාදීම වාර්ෂිකව සිදු කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ශිෂ්‍යත්ව සමතුන් වෙත මෙසේ ශිෂ්‍යාධාර ලබාදීම 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩව සිදු කෙරෙන ක්‍රියාවලියකි.

සිසුන්ට ශිෂ්‍යාධාර මුදල් ගෙවීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිසුන්ට අපහසුවක් නොවන ආකාරයට නිශ්චිත කාල සීමාවක් තුළ සිදු කිරීම සඳහා තාක්ෂණය සහාය කරගනිමින් පියවර ගන්නා ලෙස පසුගියදා අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව පළමු පියවර ලෙස ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට ජාතික පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ තොරතුරු සහ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ඇති ලකුණු ඇතුළු ශිෂ්‍යාධාර දීමනාව සඳහා සුදුසුකම් ලැබීමට අදාළ සියලු සවිස්තරාත්මක දත්ත මේ වන විට Online ක්‍රමයට ඇතුළත් කර තිබේ.

ශිෂ්‍යාධාර මුදල් ලබාගැනීම සඳහා මෙතෙක් පැවති ක්‍රමය වූයේ එක් එක් සිසුන් තමන්ගේ ශිෂ්‍යාධාර මුදල් ලබා ගැනීමට මාස් පතා වවුචර් මඟින් ඉල්ලුම් කිරීමයි. එම නිසා පැවති ගැටළු සහ ප්‍රමාදයන් මෙම Online ක්‍රමය මඟින් විස‍ඳෙන අතර එමගින් අදාළ ශිෂ්‍යාධාර මුදල් සිසුන්ගේ ගිණුමට නොපමාව බැරවීම සිදුවේ.

දැනට ලබන මාසික ශිෂ්‍යාධාර මුදල වන රුපියල් 500/- රුපියල් 750/- දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. ශිෂ්‍යාධාර සඳහා රජය වාර්ෂිකව රුපියල් මිලියන 362ක් වෙන්කරයි.

දෙවෙනි අදියර ලෙස 2020 වර්ෂයේ ජනවාරී මස සිට රජයේ සියලුම පාසල්වල සහ පිරිවෙන් වලත්, පෞද්ගලික හා රජයේ ආධාර ලබන පාසල්වල සිසුන් සඳහාත් Online ක්‍රමයට ශිෂ්‍යාධාර ලබා දීම සිදු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Post Views: 14
Previous Post

ගෝඨාට පාර කැපු ….. විමල්, දිනේෂ් අතහැර යාම….!

Next Post

කැත නැතුව බය නැතුව අපේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න- ජවිපෙ

editor

editor

Next Post

කැත නැතුව බය නැතුව අපේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න- ජවිපෙ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved