27 April 2024
#සංවර්ධන

රජයේ විශ්‍රාමිකයින්ට ගමන් ආසන වෙන් කිරීම Online ක්‍රමයට ලබා දීම අද සිට

ශ්‍රී ලංකාවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින්හට වාර්ෂිකව ලබා දෙන නිදහස් දුම්රිය බලපත්‍ර සඳහා ආසන වෙන් කිරීමේ දී මෙතෙක් පැවැති ක්‍රමය වූයේ අදාල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිගේ නිර්දේශය මත හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමය.

මෙම දීර්ඝ පටිපාටිය නිසා විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට මහත් අපහසුතාවයකට මුහුණ පෑමට සිදුවීම හේතුවෙන් එම තත්ත්වය තුරන් කර දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු මාර්ගගත ක්‍රමයට හෙවත් Online ක්‍රමයට සිදු කර ගැනීමේ පහසුකම් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද දින (19) ආරම්භ කරනු ලැබීය.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී එම සේවාව අද දින ආරම්භ කරන ලද්දේ ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවට රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුලු පිරිසක් සහභාගි වූහ.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සෙනවිරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි වූහ.

 

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *