දුරගමන්වල යෙදෙන මගීන් සඳහා මාර්ගගත ක්‍රමවේදයට අනුව ආසන වෙන්කිරීමේ පහසුකම අද (04) සිට ක්‍රියාත්මක වන බව මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ‘මගනැගුම මහමැදුර’ පිහිටි අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය
මගීන්ට www.busticket.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ආසන වෙන්කරවා ගත හැකිය.
මීට අමතරව 0112 001 266 යන ක්ෂණික දුරකතන අංකය ඇමතීමෙන් ද මෙම පහසුකම ලබාගත හැකිය.














