හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඇමරිකානු නාවික හමුදාවට අයත් යුද නෞකාවකට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව ඉරානයේ ‘ෆාර්ස්’ (Fars) පුවත් ඒජන්සිය වාර්තා කරයි.
ජස්ක් (Jask) දූපත ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ මෙම නෞකාවට ගමන් නවත්වන ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (Revolutionary Guard) අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි. එම අනතුරු ඇඟවීම් නොසලකා හැරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකාවන්ට ආරක්ෂිතව පිටතට පැමිණීම සඳහා මඟ පෙන්වීමට ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ නමින් විශේෂ මෙහෙයුමක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණි. මෙම ප්‍රහාරය වාර්තා වන්නේ එම පසුබිමක ය.
මෙම මෙහෙයුම සඳහා ඉහළ හමුදා දායකත්වයක් ලබා දෙන බව ඇමරිකානු මධ්‍යම අණසක (US Central Command) ප්‍රකාශ කර ඇත.














