27 April 2024
#ව්‍යාපාර

ඔන්ලයින් ක්‍රමයට මැණික් සහ ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළෙද පොළට අපනයනය කිරීමේ ක්‍රමවේදය ඇරඹේ

මාර්ගගත ( On line )ක්‍රමයට මැණික් සහ ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළෙද පොළට අපනයනය කිරීමේ ක්‍රමවේදය ඇරඹු බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඇමෙරිකානු ඩොලර් 3000 ක් දක්වා වූ වටිනාකමින් යුතු මැණික් සහ ස්වර්ණාභරණ මාර්ගගත ක්‍රමය ඔස්සේ අපනයනය කිරීමට හැකි ක්‍රමවේදය පසුගිය 06 වනදා ගාල්ලේදී ආරම්භ කරමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද අදහස් පල කලේය ” වාර්ෂිකව ලෝකයේ සමස්ථ මැණික් හා ස්වර්ණාභරණ ආදායම ඩොලර් බිලියන 231 ක්. තායිලන්තයේ එය ඩොලර් බිලියන 12 ක්. අපේ රටේ පසුගිය වසරේ එය ඩොලර් මිලියන 264 ක්. මැණික් කර්මාන්තය සම්බන්ධයෙන් අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තිබෙන අපේ රට පිළිබඳව සැලකිල්ලට ගත්තොත් එය ඉතාම අඩු අදායම් තත්වයක්. අප මේ තත්වය නිවැරදිව අවබෝධ කොට ගෙන වහා ප්‍රවර්ධනය කරගත යුතුයි. ඒ නිසා තමයි මෙවැනි මාර්ගගත ක්‍රමය ඔස්සේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනට අවස්ථාව සලසා දීල හැකිතරම් වෙළදාම නිදහස් අවස්ථාවක් බවට පත් කරන්නෙ. ඒ වගේම අපනයන කරුවන්ටත් වගකීමක් තියෙනවා එලෙස උපයන ඩොලර් ආදයම් උන්ඩියල් ක්‍රමවලින් තොරව හරි ක්‍රමයට ලංකාවට ගේන්න “යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ නිලධාරීන් , මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ඇතුළු නිළධාරින්, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ආදි ආයතනයන්හි නිළධාරින් , ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය , මැණික් මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *