27 April 2024
#දේශීය

මධ්‍යම පළාතේ මාර්ගයන්හි ඇති අවදානම් ස්ථාන වහා පිළිසකර කිරිමට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස්

මධ්‍යම පළාතේ පවතින මාර්ගයන්හී අවදානම් ස්ථාන කඩිනමින් ඉවත් කිරීමට වහාම පියවර ගන්නා ලෙසත් අවදානම් ස්ථාන හදුනාගෙන වහා පියවර ගන්නා ලෙස අදාළ බලධාරින්ට උපදෙස් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ආණ්ඩුකරවරයා කියා සිටියේ ඉකුත් දා පාසල නිම වී නිවෙසට යමින් සිටියදී ජලය පිරුණු කානුවකට ඇදවැටී කුරුණෑගල මලියදේව ආදර්ශ මහ විදුහලේ 14 හැවිරිදි සිසුවකු මියයෑමේ සිද්ධියත් සමඟ, මධ්‍යම පළාත තුල එවන් අවසනාවන්ත සිදුවීම් ඇතිවීම‍ට පෙර, එවන් අවධානම් මාර්ගයන්ගෙන් ඉවත් කරන ලෙස මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයාට නියෝග ලබා දුන් බවය.

මහනුවර මහ නගර සභා‍ව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකරමින්, නාගරික කොමසාරිස්වරයා වෙත ද ආණ්ඩුකාරවරයා මාර්ග වල අවධානම් ඉවත් කරන ලෙස නියෝග කර ඇත. තවද, එවන් සිදුවීම් ඇතිවුවහොත් එහි වගකීම අදාල පළාත් පාලන ආයතන වෙත පැවරෙන බවත් එම මහතා සදහන් කර ඇත.

ඒ අනුව, එම මාර්ග කොටස් හදුනාගනිමින් අළුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති අයුරු දැක ගත හැකි අතර, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම මහතා සදහන් කර සිටියේ, සිදු වු සිදුවීම සම්බන්ධයෙන් කළ හැක්කක් නොමැති වූවත්, එවන් සිදුවීම් නැවත ඇති නොවීම සදහා කටයුතු සිදුකිරීම කළ යුතුව පවතින බවයි. ඒ සදහා රජයට මෙන්ම මහජනතාවට ද වගකීමක් පවතින බවත්, මධ්‍යම පළාත තුල එවන් හදුනාගත් ස්ථාන පවතීනම් 0812232498 අංක ඔස්සේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය හෝ ආසන්නතම පළාත් පාලන ආයතනය දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *