• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනාධිපති වැල් පාලමෙන් එගොඩ කලේ ආර්ථික ඝාතකයෝ විතරයි – මන්ත්‍රී ගයන්ත

29 February 2024
in දේශීය, පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැල් පාලමෙන් එගොඩ කර ඇත්තේ ආර්ථික ඝාතකයින් පමණක් බවත් ජනතාව වැල් පාලම බලාගෙන හුල්ල හුල්ල සිටිනා බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි. ඒ මහතා අද (29) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පවසා සිටියේ රටේ සය බියක් ඇති බවයි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්න කරුණාතිලක මහතා ‘‘ජාත්‍යන්තර ඇඟයීමටක ලක්වෙලා තිබුණ නිදහස් සෞඛ්‍ය සේවය අද තිබෙන්නේ කණගාටුදායක තත්ත්වයක. ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වීම හේතුවෙන් සහ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයේ බරපතල දූෂණ වංචා සිදුවීම හේතුවෙන් කැබිනට් ඇමැතිවරයෙක් පළමු වරට බන්ධනාගාරගත වෙලා තිබෙනවා. ඖෂධ හිඟය , යන්ත්‍ර සුත්‍ර රෝහල්වල නොමැතිවීම නිසා විශාල ප්‍රශ්න ගණනාවක් සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රය තුල අද ඇතිවෙලා තිබෙනවා. රටේ අහිංසක ජනතාවට ඖෂධ මිලදී ගැනීම අද ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. රෝහල්වල අද ඖෂධ හිඟයක් පවතිනවා.
ආණ්ඩුව බලය ගත්තේ ඉන්න හිතෙන රටක් හදනවා කියලා. නමුත් අදවනවිට වෛද්‍යවරු , විශේඥ වෛද්‍යවරු විශාල පිරිසක් රට හැරගොස් තිබෙනවා.

රටේ දේපළ සොරාගත් කල්ලිය හේතුවෙන් සොරබියක් ජනතාවට දැනෙන්න පටන් ගෙන තිබෙනවා ආර්ථික අර්බුද හමුවේ ජීවනෝපාය අහිමිවීමේ භියක් ජනතාවට දැනෙන්න පටන් ගෙන තිබෙනවා. ජීවනෝපාය අහිමිවීම නිසා කුස ගිනි බිය ජනතාවට දැනෙන්න පටන් ගෙන තිබෙනවා. පෝෂණය බිඳ වැටුණ නිසා රෝග බියක් ජනතාවට දැනෙන්න පටන් ගෙන තිබෙනවා. අධ්‍යාපනය අහිමි වීමේ බිය වගේම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමේ බිය ජනතාවට දැනෙන්න පටන්ගෙන තිබෙනවා. නමුත් ආණ්ඩුවට තිබෙන්නේ එක බියයි ඒ තමයි මැතිවරණ බිය.

ආර්ථික අර්බුදයට රට ඇදලා දාපු හොර කල්ලියට විරුද්ධව විපක්ෂ නායකවරයා සහ සමගි ජනබලවේගය ජනප්‍රිය කතා පවත්වමින් හිටියේ නෑ. ආර්ථික ඝාතකයින්ව රටට හෙළි කළේ විපක්ෂ නායකවරයා සහ සමගි ජනබලවේගය පමණයි. පොදුජන පෙරමුනේ ඡන්දයෙන් ජනාධිපති වුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිව්වා වැල් පාලමෙන් ජනතාව එතරකරලා පෙන්වනවා කියලා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ වැල් පාලමෙන් එගොඩ කරලා තිබෙන්නේ ආර්ථික ඝාතකයෝ. ජනතාව වැල් පාලමේ එක් පැත්තකට වෙලා හුල්ල හුල්ල ඉන්නවා යැයි මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසිය.

Post Views: 17,237
Previous Post

ජාතික සයිබර් ආරක්ෂණ පනත මෙම වසර තුළ ගෙන ඒමට බලාපොරොත්තු වනවා – රාජ්‍ය අමාත්‍ය කනක

Next Post

අපි සන්ධානය හදලා තියෙන්නේ ජනතාව එක්කයි – ටිල්වින් සිල්වා

editor ttvnews

editor ttvnews

Next Post
ජනාධිපතිවරණයට වංගු දැම්මොත් පාරට බැහැලා පාලකයින් පන්නා දමනවා – ජවිපේ ලේකම් ටිල්වින්

අපි සන්ධානය හදලා තියෙන්නේ ජනතාව එක්කයි - ටිල්වින් සිල්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved