කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන OpenAI සමාගම, ජීව විද්‍යාව, ඖෂධ සොයාගැනීම් (Drug discovery) සහ වෛද්‍ය පර්යේෂණ සඳහාම විශේෂිත වූ GPT-Rosalind නමැති නව AI මාදිලිය 2026 අප්‍රේල් 17 වන දින නිල වශයෙන් එළිදක්වන ලදී.DNA ව්‍යුහය සොයාගැනීමට මූලික වූ බ්‍රිතාන්‍ය විද්‍යාඥ රොසලින්ඩ් ෆ්‍රැන්ක්ලින්ට (Rosalind Franklin) උපහාරයක් ලෙස මෙම මාදිලිය නම් කර තිබේ. සාමාන්‍ය GPT මාදිලිවලට වඩා වෙනස්ව, මෙය විද්‍යාත්මක දත්ත, පර්යේෂණ වාර්තා සහ රසායනික ව්‍යුහයන් විශ්ලේෂණය කිරීම සඳහාම සකස් කර ඇත.
නව ඖෂධ වර්ග හඳුනාගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ රෝග සඳහා වඩාත් සාර්ථක ප්‍රතිකාර ක්‍රම සොයාගැනීමට පර්යේෂකයන්ට සහාය වීම මෙහි ප්‍රධාන අරමුණයි. එමෙන්ම විශාල විද්‍යාත්මක දත්ත පද්ධති (Big Data) ඉතා කෙටි කාලයකින් විශ්ලේෂණය කර නිවැරදි නිගමන ලබාදීමට මෙයට හැකියාව පවතී.
OpenAI සමාගම දැනටමත් ජාත්‍යන්තර ඖෂධ නිෂ්පාදන සමාගම් සමඟ අත්වැල් බැඳගෙන ඇති අතර, ඉදිරි වසර කිහිපය තුළ වෛද්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කිරීමට මෙම GPT-Rosalind මාදිලිය සමත් වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.










