• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දකුණු ආසියාවේ විශාලතම ජාතික දුම්රිය කෞතුකාගාරය විවෘත කිරීමේ සුදානමක්

28 May 2020
in දේශීය

දකුණු ආසියාවේ විශාලතම ජාතික දුම්රිය කෞතුකාගාරය මෙම වසර තුළ විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මරදානේ දුම්රිය දෙපාර්තමේන්තුවට ආසන්න ඉඩමක දැනට ඉදි කිරීම් කටයුතු අවසන් වෙමින් තිබෙන එම දුම්රිය කෞතුකාගාරය පසුගියදා අමාත්‍යවරයා විසින් නිරීක්ෂණයට ලක් කළේය.

මහජන බැංකුව විසින් දැනට රුපියල් මිලියන 149ක් මෙම කෞතුකාගාරය ඉදි කිරීම සඳහා වැය කර තිබෙන අතර නාවික හමුදාවේ රණවිරුවන් විසින් සියලු ඉදි කිරීම් කටයුතු සිදු කරනු ලබයි.

දුම්රියට හිතවත් විදේශ සංචාරකයින් Railway Friend Tourists වාර්ෂිකව 12000ක් පමණ අප රටට පැමිණෙන බව වාර්තා වේ. ඔවුන් දුම්රියෙන් ආකර්ශනිය ස්ථාන කරා ගමන් කිරීම මෙන්ම දුම්රිය ඉතිහාසය අධ්‍යයයනය ද කරති. ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ පරිනාමය පිලිබඳව හදාරණ පිරිස් සඳහා අද්‍යයනය කළ හැකි පරිදි මෙම කෞතුකාගාරයේ ඉදි කිරීම් කටයුතු කරනු ලබයි. එමෙන්ම අප රටේ දේශීය සංචාරකයින්ට හා පාසැල් දරුවන් ට ද මෙම දුම්රිය කෞතුකාගාරය අධ්‍යාපනික වැදගත්කමකින් යුක්ත වේ.

ජාතික දුම්රිය කෞතුකාගාරයේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් අවසන් කිරීමෙන් අනතුරුව එය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට බාර දීමට නියමිතය. එමෙන්ම දැනට කඩුගන්නාවේ එක් ප්‍රදේශයක ඉදි කර තිබෙන දුම්රිය කෞතුකාගාරයේ අඩංගු වන අංශ ද මෙම කෞතුකාගාරයට ගෙන ඒමට අවශ්‍ය නම් ඒ් සඳහා සුදුසු පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට උපදෙස් දුන්නේය.

මෙම ජාතික දුම්රිය කෞතුකාගාරය මෙම වසරේ අවසන් කාර්තුව වනවිට විවෘත කිරීමට හැකියාව ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා අමාත්‍ය මහින්ද අමරවීර මහතාහට දැනුම් දුන්නේය.

Post Views: 11
Previous Post

අර්ජුන් , අර්ජන් වෙයි ..

Next Post

නවතම ඇඳිරි නීති නිවේදනය …. ජුනි 04 සිට 05 දක්වා දිවයිනටම ඇඳිරී නීතිය පැනවේ

editor

editor

Next Post

නවතම ඇඳිරි නීති නිවේදනය .... ජුනි 04 සිට 05 දක්වා දිවයිනටම ඇඳිරී නීතිය පැනවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved