• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

OPPO 2018 ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්වේ

29 January 2019
in ව්‍යාපාර

පසුගිය වසර ස්මාර්ට්ෆෝන් ක්ෂේත‍්‍රයට ඉතාමත් සුවිශේෂී වසරක් වු අතර එම වසරේදී පාරිභෝගිකයන් අපේක්ෂා නොකළ ආකාරයේ දුරකථන රැසක් හඳුන්වා දීමට නිෂ්පාදක සමාගම් වලට හැකියාව ලැබිණි.

ජනප‍්‍රිය සන්නාම රැසකින් මෙවැනි නව ස්මාර්ට්ෆෝන් වර්ග වෙළඳපොළට පැමිණියද, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ස්මාර්ට්ෆෝන් සන්නාමය තේරීමේදී ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක් නොවී ය.

මෙරට ජනප‍්‍රිය වෙබ් අඩවියක් වන ( Android jevldrfhdaz (www.androidwedakarayo.com) මගින් කරන ලද සමීක්ෂණයකට අනුව, 2018 වසරේ ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ස්මාර්ට්ෆෝන් සන්නාමය ලෙස ඇගයීමට ලක්වීමට OPPO සමත් වී තිබේ.

Pinpoll මත විමසුම් තාක්ෂණය භාවිතා කරමින් ජනතාවගේ අදහස් විමසීම මගින් මෙම තරගයේ ජයග‍්‍රාහකයා තීරණය කරන ලදි. ශ‍්‍රී ලංකාවේ වෙළඳපොළේ පවතින සියලූම ස්මාර්ට්ෆෝන් වර්ග මෙහිදී සැලකිල්ලට ගැනිණි. මත විමසුම පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය ජාල හරහාද ප‍්‍රචාරණය කරන ලද අතර තරුණ තරුණියෝ විශාල වශයෙන් සිය මතය ප‍්‍රකාශ කිරීම සඳහා එක්වූහ.

මෙහිදී එක් පුද්ගලයෙකු මනාප එකකට වඩා පළකිරීමට අවස්ථාව නොලැබුණු අතර මනාප ලබාදෙන්නන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා රූපය තහවුරු කිරීමේ තාක්ෂණයක්ද භාවිතා කරන ලදි. සතියක කාලයක් පැවති මත විමසුම 2018 දෙසැම්බර් 25 වන දිනයෙන් අවසන් වූ අතර ඉන් පසුව එහි ප‍්‍රතිඵල ප‍්‍රසිද්ධ කෙරිණි. ‘Android වැඩකාරයෝ’ මත විමසුමේ ප‍්‍රතිඵල වලට ය http://www.androidwedakarayo.com/most-popular-brand-2018/ මඟින් පිවිසිය හැක.

‘‘මේ වනවිට ශ‍්‍රී ලංකාවේ තරුණ පරපුරේ පළමු තේරීම බවට පත්වීමට OPPO සමත් වී තිබෙනවා. 2018 වසරේ ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රියම ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට පත්වීමට OPPO සමත් වූයේ ඒ නිසයි. ඒ අනුව දැන් OPPO මෙරට තරුණ තරුණියන්ගේ හදවත් වලට බෙහෙවින් සමීප වී ඇති බව කියන්නට පුළුවන්.” ‘Android වැඩකාරයෝ’ කණ්ඩායමේ සාමාජිකයෙකු වන ගෙවිඳු ආලෝක මහතා පැවසී ය. (http://www.androidwedakarayo.com/oppo-winner/)

‘Android වැඩකාරයෝ’ යනු තාක්ෂණය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන, තමන් සතු දැනුම අන් අයටද බෙදාදීමට කැමති පිරිසකගේ එකමුතුවකි. ඔවුහු විවිධ මාධ්‍ය භාවිතා කරමින් තාක්ෂණයේ විවිධාකාර නව ප‍්‍රවණතා ගැන ලේඛනයේ හා සංවාදයේ නිරත වෙති. 2013 වසරේදී, ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් හා තාක්ෂණ දැනුම වර්ධනය කරවීමේ අරමුණ පෙරදැරිව, ශ‍්‍රී ලාංකිකයන්ට සිංහල බසින් දැනුම බෙදාදීම සඳහා, Facebook Group එකක් ලෙස එය මුලින්ම ආරම්භ විය.

 

 

Post Views: 24
Previous Post

ජනාධිපති අරමුදල ලේක්හවුස් ගොඩනැගිල්ලට

Next Post

වැඩි මිලට විදුලිය නිපදවන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ – විදුලි ඇමැති කියයි

editor

editor

Next Post

වැඩි මිලට විදුලිය නිපදවන්න මට කිසිම අවශ්‍යතාවයක් නෑ - විදුලි ඇමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved