මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය. මෙයට සමගාමීව “රටම එකට” ප්‍රාදේශීය මෙහෙයුම් සභාව ස්ථාපිත කිරීම ද ඇලහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුව සඳහා ප්‍රදේශයේ මහා සංඝරත්නය මෙන්ම ඇලහැර ප්‍රාදේශීය ලේකම් සී. එම්. සී. කරුණාරත්න මෙනෙවිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සහ ප්‍රාදේශීය මට්ටමින් මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා වන නව ක්‍රියාකාරී සැලැස්මක් මෙහිදී ඉදිරිපත් කෙරිණි.
ප්‍රජා මූලික සංවිධාන සහ ආරක්ෂක අංශ ඒකාබද්ධ කරගනිමින් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම ඉදිරියට ගෙන යාමට මෙහිදී මූලික එකඟතාවන්ට එළඹ තිබේ.














