වත්මන් රජය මැතිවරණ සමයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට අසමත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 102 වැනි ජන්ම දිනය නිමිත්තෙන් තිස්සමහාරාමයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ, රුපියල් ලක්ෂ 12කට Vitz කාර් පහසු ගෙවීමේ ක්‍රමයට දෙනවා යැයි කියා බලයට පත් වූ ආණ්ඩුව අද වන විට රාජ්‍ය සේවකයන්ට වාරික ක්‍රමයට සහල් කිලෝ 20ක් දීමට කටයුතු කරමින් සිටින බවයි.
එමෙන්ම වී කිලෝවකට රුපියල් 120-150ක සහතික මිලක් දෙන බව කීවද, අද ගොවීන්ට සිය අස්වැන්න රුපියල් 75-90ත් අතර අඩු මිලකට විකිණීමට සිදුව ඇති බවත්, අයිතීන් ඉල්ලා පාරට බසින ගොවීන්ට ආණ්ඩුව අපහාස කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















