ජන හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ වත්මන් ආණ්ඩුව විසින් මෙරට ජනතාව අනාගතයක් නැති සමාජයක් බවට පත් කර ඇති බවයි. අද වන විට ජනතාවට ආහාර වේලක් සපයා ගැනීමට, දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට සහ රෝගීන්ට ඖෂධ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. කෙසේ වෙතත්, පළාත් සභﺎ මැතිවරණයක් පැවැත්වුවහොත් වත්මන් ආණ්ඩුව අන්ත පරාජයට ලක්වන බවත්, සමගි ජන බලවේගය ඉහළින්ම ජයග්‍රහණය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම වත්මන් ආණ්ඩුවට රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කිරීමට නොතේරෙන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසියට සහභාගී වී ආයෝජකයින් සමඟ සාකච්ඡා කර රටේ ආදායම වැඩි කර ගන්නවා වෙනුවට සිදු කරන්නේ අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ ගොස් ඕපාදූප කතා කිරීම බව සඳහන් කළේය. ආණ්ඩුව විසින් පැලවත්තේ එකම පිරිස රට පුරා ගෙන ගොස් රැස්වීම් පවත්වන බවත්, එය තමන් විසින්ම තමන්ව රවටා ගැනීමක් බවත් පෙන්වා දුන් මන්ත්‍රීවරයා, වසර දෙකක් ගතවූ පසුවත් මෙලෙස ජනතාව රැවටීමට සිදුවීමෙන් ආණ්ඩුවේ අසාර්ථකභාවය පෙන්නුම් කරන බව වැඩිදුරටත් කියා සිටියේය.
















