ජාත්‍යන්තර මට්ටමින් සිදුව ඇති බලශක්ති සැපයුම් බිඳවැටීම් හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ ඩීසල් මිල දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අද (05) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ, සූවස් ඇළ ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයන් සහ යුක්‍රේන ප්‍රහාර හේතුවෙන් රුසියානු තෙල් පිරිපහදුවලට සිදුව ඇති හානි මෙන්ම, රුසියාවේ ඉන්ධන සැපයුම සියයට 40කින් අඩුවීම සහ ඇමරිකාවෙන් සැපයුම් සම්පූර්ණයෙන්ම ඇනහිටීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව කඩිනමින් සුළං සහ සූර්ය බලශක්තිය වැනි විකල්ප බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවීමේ වැදගත්කම ඔහු අවධාරණය කර තිබේ.
















