මුඛ පිළිකා ඇතිවීම සඳහා බුලත්විට සහ දුම්කොළ භාවිතය ප්‍රධාන වශයෙන් බලපාන බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔවුන් සඳහන් කළේ, මෙරට තුළ පිළිකා රෝග හේතුවෙන් දිනකට මරණ තුනක් බැගින් වාර්තා වන බවයි.
ලෝක මොළය සම්බන්ධ දිනය ජූලි 22 වැනිදාටත්, ලෝක හිස සහ ගෙල ආශ්‍රිත පිළිකා දිනය ජූලි 27 වැනිදාටත් යෙදී ඇත.














