සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර මෙරට සමාජයෙන් මුලිනුපුටා දැමීම සඳහා රජය විසින් මේ වන විට ඉතා නිවැරදි සහ ශක්තිමත් තීන්දු තීරණ ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පාදුක්ක, හංවැල්ල සහ මීගොඩ යන පොලිස් වසම්වල ආරක්ෂක කමිටු නිලධාරීන් සමඟ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් ශ්‍රවණාගාරයේදී පැවැති විශේෂ රැස්වීමකට එක්වෙමිනි.
















