27 April 2024
#සංවර්ධන

මාතලේ හොකි පිටියේ නවිතරණ කටයුතු ආරම්භ කෙරේ

වසර ගණනාවක් තිස්සේ දැඩි ලෙස අබලන්ව තිබු නන්දිමිත්‍ර ඒකානයක කෘත්‍රිම හොකි පිටියේ කෘත්‍රිම තණතිරුව රුපියල් කෝටි හතකට වැඩි මුදලක් යොදවා සකස් කිරිමට පියවර ගෙන ඇති බවත් මාස තුනක් ඇතුළත වැඩ අවසන් කරන බව ක්‍රිඩා හා යෞවන කටයතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ක්‍රිඩා පිටියේ නවිකරණ කටයුතු සිදු කිරිම සදහා මුලික වැඩසටහනට එක් වෙමිනි.

ලංකාවට සහන මිල ගණනන් යටතේ මෙම කෘත්‍රිම හොකි තණ තිරුව ලබා දිමට ලෝක හොකි සම්මේලනයේ දායකත්වයෙන් ආසියානු හොකි සම්මේලනයේ මැදිහත්විම මත සිදු කළ බවත් තමා ඒ වෙනුවෙන් මැලේසියාවේ පැවති රැස්වමිට සභහභාගි වි අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බවද දිසානායක මහතා පැවසිය.

මෙහි මුලික වියදම් මුදල ශ්‍රි ලංකා ක්‍රිකිට් ආයතනයෙන් ලබා දුන් බවත් ඒ වෙනුවෙන් සභාපති ශම්මි සිල්වා ,භාණ්ඩාගාරික සුජිව ගොඩලියද්ද යන මහත්වරුන් ඇතුලු සියලු දෙනාට ස්තුතිය පුදකරන බවත් මේ කටයුත්ත සදහා නිරතුරුව උපදෙස් හා මගපෙන්විම් සිදු කරන ක්‍රිඩා ආමත්‍ය හරේන් ප්‍රනාන්දු මහතා වෙතද ස්තුතිය පුද කරන බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේ

මෙම ආරම්භක මොහත සදහා හිටපු කැබිනට් අමාත්‍ය නන්දිමිත්‍ර ඒකානායක,ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සුජිව ගොඩලියද්ද,මාතලේ හොකි සංගමයේ සභාපති නිතිඥ ලසන්ත බාලසුරිය ,ලේකම් දායන් දිසානායක මාතලේ හොකි සංගමයේ නිලධාරින් ඇතුලු හොකි පාසල් ක්‍රිඩකයින් රැසක් එක්වි සිටියහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *