27 April 2024
#දේශීය

අපේ රට අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කළ යුතුයි – විපක්ෂ නායක සජිත් කියයි

අපේ රට පාරාදීසයක් යැයි කීවාට සත්‍ය වශයෙන් ම කළ යුත්තේ අධ්‍යාපන පාරාදීසයක් බවට රට ගොඩනැගීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සක්වල වැඩසටහනට සමගාමීව 48 වන බස් රථය ලෙස රුපියල් පනස් ලක්ෂයක් වටිනා (රු. 5,000,000.00) බස් රථයක් ම/ප නාවුල ශ්‍රී නාග ජාතික පාසැලට ඊයේ (21) පරිත්‍යාග කරනු ලැබු අවස්ථාවට එක්වෙමිකි.

අධ්‍යාපන සමාජ බෙදීම වහා නතර කළයුතු බව කී විපක්ෂ නායකවරයා ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත් කළයුතු යැයිද පැවසීය.

අධ්‍යාපන පරාදීසය වෙනුවට රට මත්ද්‍රව්‍ය පරාදීසයක් වී ඇති බව කී විපක්ෂ නායකවරයා, මත් ද්‍රව්‍ය මාෆියාවට ආණ්ඩුව බය බවද කීය. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට දැඩි දඬුවම් ලබා දීම සඳහා රටේ අධිකරණ පද්ධතිය අතිශයින් ස්වාධීන විය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා මත් උවදුර මර්දනය කළ හැක්කේ ඒ හරහා බවද පැවසීය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *