27 April 2024
#සංවර්ධන

අපේ රජය රටේ සියළු පළාත් වලට භේදයකින් තොරව සලකනවා – අමාත්‍ය ඩග්ලස්

අපේ රජය රටේ සියළු පළාත් වලට භේදයකින් තොරව සලකන බවත් ශ්‍රී ලංකා රජයේ සංවර්ධන කටයුතු අඛන්ඩව සිදු කරගෙන යන බව අක්කරායාන් ගගේ සංවර්ධන ව්‍යාපෘතිය එයට හොද උදාහරණයක් වන බවත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කිලිනොච්චි අක්කරයාන් ගග සංවර්ධන ව්‍යාපෘති පසුගිය 04 වන දින ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

ගංගාවන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියේ කිලිනොච්චි අක්කරයාන් ගග සංවර්ධන ව්‍යපෘතිය වෙනුවෙන් රුපියල් මිලියන 04ක් රජය විසින් වෙන් කර දී ඇත.

එසේම කිලිනොච්චි සුදුමුරිඉරිප්පු හි අක්කරායන් කුලම් හි මිරිදිය මත්ස්‍ය පැටවුන් බෝ කිරීම සදහා පොකුණු ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු නිරීක්ෂණය කල අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ධීවර අමාත්‍යාංශ නිලධාරීන්ට ලබා දෙන ලදි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *