27 April 2024
#දේශීය

කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග තුනක ඵලදායීතාව අඩු බව රාජ්‍ය ඇමැති චන්න කියයි

ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපයේ බහුලව භාවිත කෙරෙන කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් වර්ග තුනක ඵලදායීතාව කාලයත් සමඟ කැපී පෙනෙන ලෙස පහත වැටෙන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (06) අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

රාජ්‍ය අමාතයවරයා කියා සිටියේ ඇමරිකානුවන් අටලක්ෂයක් යොදාගෙන සිදුකළ එම අධ්‍යයනයේදී ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් කොරෝනා එන්නත් සළකා බලා ඇති අතර, එහිදී අනාවරණ වී ඇත්තේ ෆයිසර් එන්නතේ ශක්‍යතාව මාස හයකට පසු සියයට 89යි දශම 2 සිට සියයට 58 දක්වා පහත වැටී ඇති බවයි.

මොඩර්නා එන්නතේ ශඛ්‍යතාව එම කාලය තුළ සියයට 86 යි දශසම 9 සිට සියයට 43 දක්වා පහත වැටී ඇති අතර, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතේ ශක්‍යතාව 86යි දශම හතරේ සිට සියයට 13 දක්වා පහත වැටී බව හෙතෙම පැවසිය.

මේ අතර මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යලි ඉහල ගොස් ඇති අතර නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *