ගාල්ල දිස්ත්‍රික්කය තුළ 2026 වර්ෂයේ ගතවූ මුල් මාස හතර (ජනවාරි සිට අප්‍රේල් දක්වා) ඇතුළත බීමත්ව සහ විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවූ රියැදුරන් 2,836 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වාර්තා කරයි. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරින් රියැදුරන් 2,576 දෙනකු මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් ද, රියැදුරන් 260 දෙනකු විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීම සම්බන්ධයෙන් ද චෝදනා ලබා ඇත.
මත්පැන් පානය කර රිය පැදවීම් සම්බන්ධයෙන් වැඩිම වැටලීම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගාල්ල පොලිස් කොට්ඨාසයෙන් වන අතර එම සංඛ්‍යාව 1,704කි. මීට අමතරව ඇල්පිටිය පොලිස් කොට්ඨාසයෙන් බීමත්ව රිය පැදවූ රියැදුරන් 872 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය විසින් මෙවැනි වැටලීම් අඛණ්ඩව සිදුකරනු ලබයි.














