• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

චීනයෙන් ප්‍රදානය කළ P6 25 නෞකාව අධිකාරියට පත් කෙරේ (ඡායාරූප සහිතයි)

22 August 2019
in දේශීය

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් චීන රජය මගීන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් P6 25 නෞකාව අද (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් “ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” නමින් අධිකාරියට පත් කෙරිණි.

එහි අභිනව නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් නලීන්ද්‍ර ජයසිංහ මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

“ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112ක් සහ පළලින් මීටර් 12.4ක් වන අතර, එහි ධාරිතාව ටොන් 2300ක් වේ. නෞකාවේ නිලධාරින් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි. එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයීම සදහා යොදා ගැනීමට නියමිතය.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ යන මහත්වරුන් ද, නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් යන මහත්වරුන් සහ හිටපු නාවික හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් ද, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චේන්ග් සුයුවාන් මහතා ඇතුළු ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

 

ඡායාරූප – ලලිත්

 

 

Post Views: 8
Previous Post

ගෝඨාගේ පාටියට ගියේ නෑ……. නාමල්ගේ වෙඩිමට නම් යනවා – දුමින්ද කියයි

Next Post

කොළඹ නගරය ලස්සන කිරීම තමාගේ බලාපොරොත්තුව බව අගමැති කියයි

editor

editor

Next Post

කොළඹ නගරය ලස්සන කිරීම තමාගේ බලාපොරොත්තුව බව අගමැති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved