27 April 2024
#දේශීය

වී ගොවියාට අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දියක් අවශ්‍යයි – නාමල්

කාබනික වගාවට යොමු වී වගා හානි වු ගොවින් වෙනුවෙන් රජය ගෙවීමට නියමිත වන්දිය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පවසයි.

ඒ් මහතා මාධ්‍ය වෙත කියා සිටියේ වී ගොවියාට අක්කරයකට රුපියල් ලක්ෂයක වන්දියක් අවශ්‍යයි බවයි. රටේ සකලවිධ ගොවි ජනතාවට මේ වන්දිය ලබා දිය යුතු බව හෙතෙම පැවසිය.

ජනාධීපතිවරයා පවසන පරිදි වී මිලදී ගන්නා මිල හා අමාත්‍ය මහින්දානන්ද මහතා පවසන මිල ගණන අතර පරස්පර වීරෝධී බව හෙතෙම කියා සිටියේය.

ඒ් අනුව ඔවුන් දෙදෙනාගෙන් ගොවි ජනතාව පිළිගත යුත්තේ කවුරුන් කියනා දේද යන්න පිළිබඳ ගැටළුවක් ඇති බව ද කරුණාරත්න මහතා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *