27 April 2024
#දේශීය

මේ ආණ්ඩුව මාස 25 ට කෝටි 149,905 ක් අච්චු ගහලා – කිර්ති තෙන්නකෝන්

වත්මන් රජය බලයට පත් වීමෙන් පසුව මේ දක්වා රු. කෝටි 149,905 ක මුදලක් අච්චු ගැසීම නිසා එදිනෙදා ජීවිතයට බලපාන සියළුම භාණ්ඩ මිල ඇදහිය නොහැකි අන්දමින් ඉහළ යමින් ඇතැයි රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ් මහතා පැවසුවේ ආණ්ඩුව මේ වසරේ ගතවූ දින 25 ට පමණක් රු. කෝටි 15,704 ක් අච්චු ගසා ඇති බවයි.

ඒ් අනුව 2021 ජනවාරි සිට දෙසැම්බර් දක්වා (2021 වසරේ දී) පමණක් ආණ්ඩුව රු. කෝටි 67,833 ක් (බිලියන 678.33) මුද්‍රණය කළේය. එයට දෙසැම්බර් 31 දින අච්චු ගැසූ ලක්ෂ 66,500 ද ඇතුලත් ය.

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ ලෙස පත්වීමෙන් පසුව පමණක් රු. කෝටි 28,942 ක් මුද්‍රණය කර ඇත. කබ්රාල් අධිපති ධූරයට පත් වන විට මහබැංකුවේ රජයේ සුරැකුම්පත් වන මුහුණත අගය රු. බිලියන 1284.37 ක් විය. අද ව;න විට එය රු. බිලියන 1574.79 කි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වූ දා සිට (2020 ජනවාරි) අද දක්වා රු. කෝටි 149,905 ක් (රු.බිලියන 1,499.05) අච්චු ගසා ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත්වල (2022 ජනවාරි 25 දිනට) මුහුණත අගය රු. බිලියන 1,573.79 දක්වා ඉහළ ගොස් ඇත.

භාණ්ඩාගාර ලේකම්වරයා ගේ අවශ්‍යතාව මත, මහ බැංකු අධිපතිවරයා මුදල් අච්චු ගැසීම සිදු කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව ස්ථාපනය කිරීමෙන් පසුව වත්මන් ආණ්ඩුව බලයට පත් වන තෙක් අච්චු ගසා තිබූණේ රු. කෝටි 7474 ක් පමණී. සරළව පවසන්නේ නම්, මහ බැංකුව ඇරඹි දා සිට 2020 දක්වා අච්චු ගසා ඇති මුළු මුදලට මෙන් 20 ගුණයක මුදල් ප්‍රමාණයක් පසුගිය මාස 25 තුල අච්චු ගසා ඇති බව රජිත් කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *