27 April 2024
#දේශීය

ඉඩම් මංකොල්ලයක් සිදු වන බව මාතලේ ප්‍රාදේශිය සභා රැස්විමේදි හෙලි වෙයි

මාතලේ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ඉඩම් විශාල ප්‍රමාණයක් මාතලෙන් බැහැරව කොළඹ ප්‍රදේශයේ ජිවත්වන ධනවත් ව්‍යාපාරිකයින් හට ලබා දිමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ඉකුත් දා පවැති මාතලේ ප්‍රාදේශිය සභා මාසික මහ සභා රැස්විමේදි අනාවරණය විය.

සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පලාපත්වල පිහිටි සභා රැස්විම් ශාලාවේදි මාසික සභා රැස්විම පැවති අවස්ථාවේදි මෙම කරුණු අනාවරණය විය.

මෙහිදි පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් කියා සිටියේ සභා බල ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ඉඩම් මංකොල්ලයක් සිදු වන බවත් මෙම රජයේ ඉඩම් බැහැර කිරිමේදි ආණ්ඩු පක්ෂයේ මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන්ගේ නිර්දේශය අනිවාර්යෙන් ලබා ගත යුතු බවත් එසේ සිදු කර ඇත්ද? යන්න පිළිබදව සොයා බැලිය යුතු බවද ඔවුහු පැවසුහ.

මාතලේ අංකන්ද,හතමුණගාල ප්‍රදේශයේ අක්කර විසිපහක ඉඩමක් අක්කර පහ බැගින් මේ වන විටත් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයින ්හට ලබා දි ඇති බවත් අක්කර පහක් ස්වාමින්වහන්සේ නමකට ද ලියා දි ඇති බව කරුණු හෙලිව ඇති බව මන්ත්‍රි(ශ්‍රි ලං.පො.පෙ) ටි.ජි උදයරත්න මහතා පැවසිය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රදේශයේ ඉඩම් නොමැතිව ජනතාව විශාල සංඛ්‍යාවක් සිටින බවත් ඒ ජනතාවට නිවසක් ඉදිකිරිමට අඩුම තර‍මේ පර්චස් පහක්වත් ලබා නොදි මහා පරිමාණයෙන් ඉඩම් ලබා දිම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් මිට විරෝධය පළකරමින් ජනතාව සමග ඉදිරියේදි පාරට බහින බවද හෙතෙම පැවසිය.

මෙහිදි අදහස් දැක්වු විපක්ෂ නායක(එ.ජා.ප) ගාමිණි කොස්තා මහතා කියා සිටියේ මෙම ඉඩම් ජාවාරම කිසිසෙත් අනුමත කළ නොහැකි බවත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් නිර්දේශ නොකර අදාළ ඉඩම් බැහැර කිරිමක් සිදු නොවන බවත් ඒ නිසා මෙම ඉඩම් මාතලේ ජනතාවට වගේම මාතලෙ ්සිටින ව්‍යාපාරිකයින්ට ලබා දිමට ක්‍රියා කළ යුතු බවත් මෙම ඉඩම් මංකොල්ලයට එරෙහිව පක්ෂ භේදයෙන් තොරව ක්‍රියා කළ යුතු බවත් ඒ සදහා පුර්ණ සහය ලබා දෙන බවද ඒ මහතා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *