පාදුක්ක තානායමේ මත්පැන් පානය කරමින් සිටි පිරිසකට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියක් වාර්තා වේ.
එම ප්රහාරයෙන් බරපතළ කැපුම් තුවාල ලැබූ පුද්ගලයන් තිදෙනෙකු රෝහල්ගත කර ඇති බව සඳහන් වේ. තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටිති.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දින කිහිපයකට පෙර ඇතිවූ ආරවුලක් හේතුවෙන් අදාළ පිරිස පැමිණ මෙම පහරදීම සිදුකර ඇති බවයි.
පහරදීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් මීගොඩ ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් ප්රදේශයෙන් පලාගොස් සැඟව සිටින බව පාදුක්ක පොලිසිය සඳහන් කරයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සහ පහරදීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පාදුක්ක පොලිසිය විසින් සිදුකරනු ලබයි.













