පාදුක්ක, මාදුලාව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ ශබ්දාගාරයක් බිඳ, එහි තිබූ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා පරිගණක සහ පටිගත කිරීමේ උපාංග සොරාගත් පුද්ගලයෙකු පාදුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විහාරස්ථානයේ හිමිනමක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බස්නාහිර පළාත් බුද්ධි අංශය ලබා දුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණි. අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි පාදුක්ක, වටරැක ජයමුතුගම ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකි.
සොරාගත් භාණ්ඩ විකුණා තිබියදී පොලීසිය විසින් සොයා ගැනීමට හැකි වූ අතර, සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇත. සැකකරු මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු බව පොලීසිය පවසයි. සැකකරු හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
















