කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (ජූනි 10) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය පෙරවරු 09:30ට ආරම්භ විය.
අද දින පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට අනුව ප්‍රධාන කරුණක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකු පනත යටතේ ඉදිරිපත් කර ඇති රීති අනුමත කරගැනීම සිදු කිරීමට නියමිතව ඇත. මීට අමතරව රටේ වත්මන් තත්ත්වය සහ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වේ.
















