පාකිස්තාන අග්‍රාමාත්‍ය මුහම්මද් ශෙහ්බාස් ශරීෆ් මහතා විශේෂ නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යාමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. චීන අග්‍රාමාත්‍යවරයාගේ නිල ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරය එළඹෙන මැයි මස 23 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය අද (21) නිල වශයෙන් නිවේදනය කළේය.
මෙම සංචාරය චීනය සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 75ක් සපිරීම සනිටුහන් කරමින් සිදුවන්නක් වන අතර, එය දෙරටේ සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන විශේෂ රාජ්‍ය නායක මට්ටමේ හුවමාරුවක් වනු ඇතැයි ද වාර්තා වේ. සංචාරය අතරතුරදී දෙරටේ නායකයන් අතර ආර්ථික, දේශපාලන සහ ආරක්ෂක ක්ෂේත්‍ර රැසක වැදගත් එකඟතාවන්ට එළඹීමට ද නියමිතය.














