27 April 2024
#විදෙස්

පාකිස්ථාන නව අගමැති ෂෙබාස් ෂරිෆ් පත් වෙයි

පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ෂෙබාස් ෂරීෆ් තේරී පත්වු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එම වාර්තා සඳහන් කලේ විශ්වාසභංගයකින් හිටපු අගමැති ඉම්රාන් ඛාන් ධුරයෙන් පහ කිරීම පසුව අද පැවති ජාතික සභා වාරයේදී නිතරගයෙන් විපක්ෂනායක ෂෙබාස් ෂරීෆ් අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වු බවයි.

නව අග්‍රාමාත්‍යවරයා 70 වන වියෙහි පසුවන අතර ඔහුගේ සහෝදරයා තෙවරක් අගමැති ධුරය දැරූ නවාස් ෂරීෆ්ය. ඔහු පාකිස්ථානයේ 23 වන අග්‍රමාත්‍යවරයායි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *