ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන “තමන්ගේ ම තැනක් ලස්සන ජීවිතයක්” නිවාස ආධාර වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 10 ක මූල්‍යාධාර මත පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ඉදි කරන ලද නව නිවාස 02 ක් අඩු ආදායම්ලාභී ප්‍රතිලාභීන් වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (03) සිදු කෙරිණි.
මෙහිදී මොරපිටිය උතුර ග්‍රාම නිලධාරී වසමේ පදිංචි පවුල් දෙකක් වෙත මෙලෙස නව නිවාස භාරදීම සිදු කර ඇති අතර, ස්ථිර නිවසක් ඉදිකර ගැනීමට මූල්‍ය ශක්තියක් නොමැති දිළිඳු පවුල් සවිබල ගන්වන මෙම වැඩසටහන යටතේ මේ වන විටත් පාලින්දනුවර ප්‍රදේශයේ පවුල් රැසකට නිවාස ආධාර ලබා දී ඇත. මෙම අවස්ථාව සඳහා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධනුෂ්ක රංගනාත්, පාලින්දනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සනත් ජීවානන්ද, පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් ඩී. එම්. එස්. තිලකරත්න යන මහත්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.













