හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දෙවර්ෂ පූර්ණ ගුණ සැමරුම සහ 67 වන ජන්ම දිනය නිමිති කරගනිමින් මහා සංඝරත්නය උදෙසා පවත්වනු ලැබූ දහවල් දානමය පින්කමක් පසුගියදා මතුගම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
ප්‍රසාද් ගුණසිංහ මහතා ඇතුළු මිතුරු කැළගේ පූර්ණ දායකත්වය සහ සංවිධානය මත මෙම ගුණ සැමරුම් පින්කම සිදුකර තිබේ. ජනතාව අතර අතිශය ජනප්‍රිය දේශපාලනඥයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අභාවය සිදුවී වසර දෙකක් සපිරීම නිමිත්තෙන් මෙම පින්කම සංවිධානය කර තිබුණි.
















