පල්ලන්සේන බන්ධනාගාරය තුළ ඇති වී තිබෙන නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට තවත් උණුසුම් වී ඇති බව වාර්තා වේ. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන ඒකකයේ නිලධාරීන් බන්ධනාගාරය තුළට ඇතුළු වී ඇති අතර, රැඳවියන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. මීට අමතරව, බන්ධනාගාරය ඇතුළත පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා ද යොදවා ඇත.
ඉඩ පහසුකම් හා සනීපාරක්ෂක පහසුම් නොමැති වීම මෙන්ම කඩිනමින් නඩු අවසන් කරන ලෙස ඉල්ලා මෙම නොසන්සුන්තාව හටගෙන ඇති අතර, පසුගිය මාසයේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් පසු එහි සිටි රැඳවියන් පිරිසක් ද පල්ලන්සේන බන්ධනාගාරය වෙත මාරු කර තිබුණි.














