පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා විසින් තම නිල ෆේස්බුක් පිටුවෙහි මාසික වැටුප් පත්‍රිකාව ප්‍රසිද්ධ කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි වී ඇති බවට ප්‍රකාශ කර තිබේ.
අර්චුනා මහතා විසින් බෙදාගත් ලේඛනයට අනුව, ඔහුගේ ඉන්ධන දීමනාව රුපියල් 179,000 සිට රුපියල් 244,000 දක්වා වැඩි වී ඇති බව දැක්වේ. මෙම දීමනා වැඩිවීම සම්බන්ධයෙන් මහජනතාවගෙන් ප්‍රශ්න කර ඇති ඔහු, මන්ත්‍රීවරුන් 159 දෙනෙකු සඳහා ද මෙයට සමාන මුදලක් ගෙවමින් පවතින බවට චෝදනා කරමින් පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ ද සිහිපත් කර ඇත.














