චීන වාණිජ අභ්‍යවකාශ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, PALLAS-1 Y1 වාහක රොකට්ටුව සිය ප්‍රථම අභ්‍යවකාශ ගමන සාර්ථකව නිම කර තිබේ. වයඹදිග චීනයේ ඩොංෆෙං වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයෙන් මෙම රොකට්ටුව අභ්‍යවකාශය වෙත මුදා හැරුණේ, බෙයිජිං වේලාවෙන් අද (01) උදෑසන 10.00 වන විටය.
නියමිත වේලාවට ගුවන්ගත වූ එම රොකට්ටුව, සම්පූර්ණ ගුවන් ගමන් කාලය තුළ කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වී ඇති අතර, මෙම ප්‍රථම මෙහෙයුමේදී අපේක්ෂිත සියලු පරීක්ෂණ අරමුණු සම්පූර්ණයෙන්ම සාර්ථක කර ගැනීමට හැකි වූ බව අදාළ බලධාරීන් තහවුරු කර ඇත. මෙම සාර්ථකත්වයත් සමඟ චීනයේ අනාගත වාණිජ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා නව මාවතක් විවර කරනු ඇති බව සඳහන් වේ.














