27 April 2024
#සංවර්ධන

රත්තොට බයිට් පුහුණුවක්

දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන බයිට් නිෂ්පාදනය කිරීමේ පුහුණු වැඩසටහන ක් ඉකුත්දා රත්තොට විදාතා සම්පත් මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

රත්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාල කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මෙම වැඩසටහන සංවිධානය කළේය.  විදාතා සම්පත් නිලධාරී දිමුතු ධනසේන මහතා වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දුන්නේය. 

පුහුණු අවශ්‍යතා සහිත සහ දැනට බයිට් නිෂ්පාදනය සිදුකරන පුහුණුලාභින් විස්සක් පමණ මේ සඳහා සම්බන්ධ වූහ. රත්තොට ප්‍රාදේශිය ලේකම් රිෂ්මිනා රියාල්දීන් මහත්මියගේ උපදේශකත්වයෙන් රත්තොට කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරී ළහිරු ශානක සහ දිනේෂා තරංගනී යන මහත්ම මහත්මීන් මෙම වැඩමුළුව සංවිධානය කළහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *