කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ පැතිර යන ඉබෝලා රෝගය කඩිනමින් පාලනය කිරීම සඳහා, එරෙහි ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනය සමඟ එක්ව රෝග විනිශ්චය කිරීමේ ධාරිතාව පුළුල් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පියවර ගෙන තිබේ.ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මහතා අද (28) මේ බව ‘X’ සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේය. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ රසායනාගාර ජාලය ශක්තිමත් කිරීමයි. ඒ හරහා, තත්‍ය කාලීන දත්ත ලබා ගැනීමටත්, රෝගී තත්ත්වයන් කඩිනමින් හඳුනාගෙන ජීවිත බේරා ගැනීමටත් හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















