පාමුණගම එපාමුල්ල වෙරළ තීරයෙන් මුහුදට බැස දිය නාමින් සිටියදී කාන්තාවක් සහ දරුවන් තිදෙනෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බව වාර්තා වේ.
අතුරුදහන් වූ පිරිස අතරට 35 හැවිරිදි කාන්තාවක්, වයස අවුරුදු 4 සහ 12 වන කුඩා දරුවන් දෙදෙනෙකු සහ 13 හැවිරිදි පිරිමි දරුවෙක් අයත් වන බව හඳුනාගෙන තිබේ. අතුරුදහන් වූ පුද්ගලයින් සොයා ශ්‍රී ලංකා නාවික හමුදා පිරිස් විසින් මේ වන විටත් සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පවතී.
















