2026 අස්වැසුම සුභ සාධක යෝජනා ක්‍රමයේ යථාවත් කරන ලද නාම ලේඛනය එළඹෙන මස මුල් සතියේ ප්‍රදර්ශනය කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
එහි සභාපති නිමල් කොටවලගෙදර මහතා ප්‍රකාශ කර ඇත්තේ, එම නාම ලේඛනය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව දින 10 ක කාලයක් අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බවයි. ඉදිරිපත් කරනු ලබන අභියාචනා සැලකිල්ලට ගනිමින් ලබන මස අවසන් සතියේ සිට ගෙවීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
















