එංගලන්තයේ අධ්‍යාපන කටයුතු සඳහා වීසා ලබා දෙන බව පවසා සිසුන් 21 දෙනෙකුගෙන් රුපියල් තුන් කෝටි පනස් අට ලක්ෂයකට අධික මුදලක් වංචා කළ බව කියන පානදුර ප්‍රදේශයේ ආයතනයක අධ්‍යක්ෂවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර, වැකඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ සිසුන්ට පොරොන්දු වූ පරිදි වීසා බලපත්‍ර ලබා නොදී මුදල් වංචා කිරීම, සාවද්‍ය පරිහරණය සහ විශ්වාසය කඩ කිරීම යන චෝදනා යටතේ මොහුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.














