ඔඩිෂාහි සිට සිංගප්පූරුව බලා යකඩ ලෝහ ප්‍රවාහනය කරමින් තිබූ පැනමා රාජ්‍යයේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් බෙංගාල බොක්කේදී ගිලී ගොස් තිබේ.
පාරදීප් වෙරළට නාවික සැතපුම් 240 ක පමණ දුරකින් මුහුදේදී සිදුවූ මෙම අනතුර වන විට නෞකාවේ කාර්ය මණ්ඩලයේ 24 දෙනෙකු සිට ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයක් චීන ජාතිකයන් බව වාර්තා වේ. මේ වන විට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ ඉන්දීය නාවික හමුදාව එක්ව නෞකාවේ අතුරුදන් වූ කාර්ය මණ්ඩලය සෙවීම සඳහා දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.















