කැකිරාව, කිරිමැටියාව වැවේ ඔරු පැදීමට ගිය තරුණයෙකු ඔරුව පෙරළීමෙන් වැවේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා තවත් පුද්ගලයින් පස් දෙනෙකු සමඟ වැවේ ඔරු පදිමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේදී ඔරුවේ සිටි අනෙක් පිරිස බේරී ඇති අතර, මියගිය තරුණයාගේ සිරුර මේ වන විට සොයාගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කැකිරාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් ජලාශ පරිහරණය කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.















