කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය (Paperless Customs Declaration Processing System) ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසයි.
අද (28) පස්වරුවේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී ඒ මහතා සඳහන් කළේ LankaSign ඩිජිටල් අත්සන සහ ASYCUDA පද්ධතිය ඒකාබද්ධ කිරීම මඟින් මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවයි. මෙහිදී රේගු නිශ්කාෂණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් සහ විනිවිදභාවයෙන් යුතුව සිදුවන අතර, වංචා සහ දූෂණ අවම කර ගැනීමටද හැකියාව ලැබෙන බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේය. තවද, මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය හේතුවෙන් රේගු නිශ්කාෂණ නියෝජිතයන්ගේ රැකියා අහිමි වීමක් සිදු නොවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














