පහසු ගෙවීමේ ක්‍රමයට ඉඩම් සහ නිවාස ලබාදෙන බව පවසමින් මහජනතාව මුදල් වංචා කළ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු මිරිහාන විශේෂ ළමා හා කාන්තා කාර්යාංශය / විශේෂ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මීගමුව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි මෙම සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරමින් නිවාස සංවර්ධන යෝජනා ක්‍රම ප්‍රචාරය කර ඇත. එහිදී අදාළ දේපළවල වටිනාකමින් 60%ක අත්පිට මුදලක් ලබාගෙන ගිවිසුම් අත්සන් කරවා ගත්තද, පොරොන්දු වූ පරිදි නිවාස ඉදිකර දී නොමැති අතර නැවත මුදල් ඉල්ලූ අයට ලබාදුන් චෙක්පත් ද අගරු වී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි 5ක් ලැබී ඇති අතර සැකකරු නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන අගෝස්තු 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.














