දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් රජය මඟින් පිහිටුවා ඇති ‘Rebuilding Sri Lanka’ අරමුදල සඳහා පරන්තන් කෙමිකල්ස් කම්පැනි ලිමිටඩ් (Paranthan Chemicals Company Ltd) ආයතනය විසින් රුපියල් ලක්ෂ 10ක (මිලියනයක) මූල්‍ය පරිත්‍යාගයක් සිදු කර තිබේ.
පරන්තන් කෙමිකල්ස් ආයතනයේ සභාපති සදානන්දන් නේසරාජන් (Sathananthan Nesarajan) මහතා විසින් ඉකුත් 9 වැනිදා ජනාධිපති කාර්යාලයේදී ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත නිල වශයෙන් පිළිගන්වනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා පරන්තන් කෙමිකල්ස් ආයතනයේ සහකාර සාමාන්‍යාධිකාරී (මූල්‍ය) එස්.එන්.කේ. ගුණසේකර සහ අතිරේක සාමාන්‍යාධිකාරී මොහොමඩ් දිල්ශාන් සාර්දීන් යන මහත්වරු ද එක්ව සිටියහ.
















