27 April 2024
#දේශීය

පසුගිය සෙනසුරාදා පැවති පාර්ලිමේන්තු රැස් වුයේ නීතියට අනුවයි – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න

පසුගිය සෙනසුරාදා පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී කතානායකතුමා නීතියට අනුව කටයුතු කර ඇති බවත්, ඒ සඳහා සභාවේ අනුමැතිය හිමිවූ බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද (5) නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

සෙනසුරාදා පැවැති පාර්ලිමේන්තු රැස්වීමේදී තම කථිකයන්ට කතා කිරීමට අවස්ථාව නොදුන් බවට වැරදි මතයක් ගොඩ නැඟීමට විපක්ෂය උත්සාහ ගන්නා බවත් එම වැරදි මතවාදය ගොඩ නැඟීමට විපක්ෂයට අවස්ථාව ලබා නොදෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *