27 April 2024
#දේශීය

පවතින තත්ත්වය තුළ පාර්ලිමේන්තුව යළි කැඳවයි..!

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ මේ වන විට විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීමට නියමිතව ඇති බව වාර්තා වේ.

රජයේ ඉහළ දේශපාලන ආරාංචි මාර්ග සඳහන් කර සිටියේ පසුගියදිනවලදී අදාළ සාකච්ඡා ඉහළ මට්ටමින් පැවැත්වු බවයි. එසේම බොහෝ විට මෙම මාසය තුළ යළි පාර්ලිමේන්තුව කැඳවීමට ඉඩ ඇති බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව එය කල් දැමීමට කටයුතු කරන බවයි. එසේම පවතින තත්ත්වය තුල අත්‍යවශය වන වියදම් ලබා ගැනීමට සඳහා අයවැය ලේඛණයක් ඉදිරිපත් කරන අතර එය විපක්ෂ සහාය ඇතිව සම්මත කර ගැනීමට කටයුතු කර බව වාර්තා වේ.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණයට පෙර ජනාධිපතිවරයාට වියදම් කිරීම සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කර එය සම්මත කර ගනු ලැබුවේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහාය. කෙසේ වෙතත් නව ජනාධිපතිවරයාට ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී පවා පාර්ලිමේන්තුවේ සහාය අවශ්‍ය බැවින් වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව ඇතැම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී පවසා ඇති බව වාර්තා වේ.

යළි පාර්ලිමේන්තුව කැඳවුවහොත් මේ වන විට මැතිවරණය සඳහා ලබා දී ඇති නාමයෝජනා යළි කැඳවීමට කටයුතු කල යුතු බව වාර්තා වේ.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *