• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තුව ලබන සතියේ 4, 5 සහ 6 දිනවල රැස්වෙයි

1 July 2022
in දේශීය

පාර්ලිමේන්තුව ලබන සතියේ 4, 5 සහ 6 දිනවල රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය වී ඇත.

ලබන 4 වැනිදා පෙ.ව 10.00 සිට ප.ව 3.30 දක්වා සම්පූර්ණ කාලය වෙන්ව ඇත්තේ විවිධ හේතු නිසා පාර්ලිමේන්තුවේ ඇසීමට නොහැකි වූ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50ක් ඇසීම සදහාය.

ජූලි 5 වැනිදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග, 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත යටතේ 2270/59 සහ 2280/32 අංක දරන ගැසට් පත්‍රවල පළ කළ නියෝග, රේගු ආඥා පන‍ත ය‍ටතේ ආනයන තීරු බදු සම්බන්ධයෙන් වන යෝජනා සම්මතය සහ 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වන වගන්තිය යටතේ යෝජනා සම්මතය විවාදය කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.

තවද 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6 ක්ද 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2282/21 සහ 2282/22 යන ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසිද එදින විවාද කිරීමෙන් පසුව අනුමතිය ලබා ගැනීමට නියමිතව ඇත.

අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය ගෙනා යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට තීරණය වී තිබේ.

මේ අතර ජූලි 6 වැනිදා පෙ.ව 10.00 සිට පෙ.ව 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව “රටේ වත්මන් තත්ත්වය” පිළිබදව විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තැබීමේ විවාදය ප.ව 4.30 දක්වා පැවත්වීමට මෙහිදී තීරණය වූ බවද මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එසේම පවතින දුෂ්කරතා හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවලදී කාරක සභා රැස්වීම් මාර්ගගත තාක්ෂණය ඔස්සේ (Online) පැවැත්වීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති අතර ඒ අනුව ඊට අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ද මෙහිදී තීරණය වී තිබේ.

 

Post Views: 18
Previous Post

මාතලේ ඉන්ධන ගැටලු

Next Post

හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට ප්‍රමාද විය හැකියි – ලංවීම

editor

editor

Next Post

හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට ප්‍රමාද විය හැකියි - ලංවීම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved