• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාර්ලිමේන්තු මැතිවරණය මාස තුනකටවත් කල්දාන්න ඕන – කැෆේ සංවිධානය

23 April 2020
in දේශීය

මහ මැතිවරණය තව මාස තුනකට වත් කල දැමිය යුතු බව කැෆේ සංවිධානය කියයි. 

එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන්  පෙන්වා දෙන්නේ දැනට යෝජනා කර ඇති ජුනි 20වන දිනය වන විට මහමැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු වාතාවරණයක් සැකසෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි.

මැතිවරණ ක්‍රියාවලියකදී  ඒ සඳහා වන පූර්ව කටයුතු රැසක් ඇති බව පෙන්වා දෙන ඔහු වැඩිදුරටත්   කියා සිටින්නේ එම පූර්ව කටයුතු  ඉදිරි සති කිහිපය තුල ආරම්භ විය යුතුව ඇති බවයි. 

නමුත් මේ වනවිට වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාම නිසා එම පූර්ව කටයුතු ඇරඹීමේ සුදුසු වාතාවරණයක් නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව අහමඩ් මනාස් මකීන් ගේ අදහසයි. විශේෂයෙන්ම පවතින වාතාවරණය තුළ සෑම පක්ෂයකටම, අපේක්ෂකයෙකුටම, ස්වාධින කණ්ඩායමකටම සිය මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යාමට සම තරඟ බිමක් සැකසීම ප්‍රායෝගිකව අසීරු තත්වයක පවතින බව ඒ මහතා පෙන්වා දෙයි. මේ වනවිට ඇතැම් අපේක්ෂකයින් විසින් ආහාර පාර්සල් බෙදා දෙමින් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කර ඇති බව පෙන්වා දෙන මනාස් මකීන් මහතා කියා සිටින්නේ මැතිවරණ නීතියට පටහැනි එම ක්‍රියාව නවත්වන ලෙස ජනතාව අසීරුවට පත්ව ඇති මේ මොහොතේ බලපෑම් කිරීම සදාචාරාත්මක දැයි නැවත වරක් විමසා බැලිය යුතුව පවතින බවයි.

 මෙම අවකාශය ප්‍රයෝජනයට ගනිමින් රජයට හිතවත් පාර්ශව පමණක් ඇඳිරි නීති අවසරපත් ලබාගනිමින් ආහාර ද්‍රව්‍ය බෙදාදෙමින් සිය මැතිවරණ ව්‍යපාරය අරඹා ඇති අතර අනිකුත් පක්ෂ සහ කණ්ඩායම් මේ නිසා අගතියට පත්ව ඇති බව ඒ මහතා පෙන්වා දෙයි. මේ නිසා නිදහස් හා ස්වාධින මැතිවරණයක් සඳහා අවශ්‍ය වන සම තරඟ බිමක් සැකසීම මේ වනවිට දුෂ්කර වී ඇතැයි කැෆේ විධායක අධ්‍යක්ෂ වරයාගේ අදහසයි.

මීට අමතරව මැතිවරණය සඳහා අවශ්‍ය වන අනිකුත් පූර්ව ක්‍රියාකාරකම් සඳහා නිලධාරින් යොදා ගැනීම පවා අසීරුවට පත්ව ඇත්තේ ප්‍රදේශ රැසක් මේ වනවිට දැඩි අවධානමකට ලක්ව ඇති බැවින් බව ද ඒ මහතා පෙන්වා දෙයි. තව ද  බොහෝ රාජ්‍ය ආයතනවලට කටයුතු තවමත් අඩාලව පවතින අතර අත්‍යවශ්‍ය සේවා වල රාජ්‍ය සේවකයින් පමණක් සිය සේවාවල නිරත වෙමින් සිටියි. මෙවැනි තත්වයක් තුළ  තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීම  ආදී කටයුතු පවා  නිසි පරිදි සිදුකළ නොහැකි වාතාවරණයක් මතුව ඇති බව මනාස් මකීන් ගේ අදහසයි.

මෙවැනි පරිසරයක් තුල ජුනි 20 වන දින වන විට මැතිවරණය පැවැත්වීමේ ප්‍රායෝගික දුෂ්කරතා රැසක්  මතුව ඇති බැවින් තව මාස තුනක කාලයකට වත් මහමැතිවරණය කල් දැමිය යුතු බව  මනාස් මාකින්  අවධාරණය කරයි.

Post Views: 22
Previous Post

පාර්ලිමේන්තුව කැඳවා අර්බුදයක් ඇති කරන්න අදහසක් නැහැ- කරු ජයසූරිය

Next Post

නාවික හමුදාවේ 30 කට කොවිඩ් !

editor

editor

Next Post

නාවික හමුදාවේ 30 කට කොවිඩ් !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved