පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රී පිවිසුම දෙසින්, දියවන්නාවට මායිම්ව පිහිටි ආරක්ෂිත තාප්පයේ කොටසක් පුපුරා ගොස් ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් භූ විද්‍යා හා පතල් කාර්යාංශයට දැනටමත් දැනුම් දී ඇති අතර, පාර්ලිමේන්තුවේ ඉංජිනේරු අංශය විසින් අදාළ හානිය නිවැරදි කිරීම සඳහා මූලික කටයුතු ආරම්භ කර තිබේ. දියවන්නාවෙන් දිගු කාලයක් ජලය කාන්දු වීම හේතුවෙන් මෙම තාප්ප කොටස දුර්වල වී පිපුරුම සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. මීට පෙරද පාර්ලිමේන්තු පරිශ්‍රයේ බෝධිය ආසන්නයේ තිබූ තාප්ප කොටසක් මෙලෙස කැඩී ගොස් පිළිසකර කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම පිපිරුම හේතුවෙන් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ ව්‍යුහයට කිසිදු බලපෑමක් සිදුවී නොමැති බව පාර්ලිමේන්තු ප්‍රධානියකු වැඩිදුරටත් තහවුරු කළේය.
















